සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව හා දානමය පුණ්‍ය කර්මය
සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට සෙත් පතා රටට සාමය සෞභාග්‍ය උදා කරලීමේ උතුම් අරමුණ පෙරදැරිව හා අනු බුදු මිහිඳු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීම නිමිත්තෙන් පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමීව පැවැත්වු සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව හා දානමය පුණ්‍ය කර්මය සදහා ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියළුම නිළධාරීන් සහභාගී වූ අතර වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සියළුම නිලධාරීන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනු ලැබීය.





ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක කමිටුව

රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්වයේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාමාන්‍ය ජන ජීවිතය සුරක්ෂිත කරමින් එදිනෙදා කටයුතු මැනවින් ඉටු කර ගැනීම සදහා ආගමික නායකයින් සිවිල් ජනතාව හා ආරක්ෂක අංශ සම්බන්ධ කරමින් ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2019.05.17 දින ප්‍රාදේශිය සිවිල් ආරක්ෂක කමිටුව පැවැත්විණි.
ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්වීම (2019.04.09 දින)

මෙම වැඩසටහන වෛද්‍ය ඩී.එම්.අමරතුංග මැතිතුමාගේ සහභාගීත්වයෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශුවනාගාර ශාලාවේදී පැවැත් වූ අතර කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් තුමන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, දිවිනැගුම සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා අනෙකුත් කාර්යාල නිලධාරීන් ද ප්‍රදේශයේ ප්‍රජාමූල සංවිධාන නියෝජිතයින් ඇතුළුව විශාල පිරිසක් වැඩසටහනට සහභාගී විය.















